කොරෝනාවෙන් මැරුණු කාන්තාව ගෙදර ඇවිල්ලා



‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වී මියගොස් භූමදානය කළැයි පැවැසුණු 85 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික කාන්තාවක ඇගේ ඥාතීන් පුදුමයට පත් කරමින් නිවසට ආ බව ස්පාඤ්ඤ පුවත් සේවා වාර්තා කර තිබේ.

‘කොවිඩ් 19’ ආසාදනය වී රෝහල් ගත කළ රොජීලියා බැලැන්කෝ නමැති මෙම කාන්තාව මියගිය බව රෝහල් බලධාරීන් ඇගේ පවුලේ අයට දන්වා ඇත්තේ පසුගිය ජනවාරි 13 වැනිදාය. රජයේ වියදමින් ඇගේ අවසන් කටයුතු ද සිදුවී ඇත.

සෞඛ්‍ය නීතිරීති අනුව, රොජීලියාගේ අවසන් කටයුතු සඳහා සහභාගී වීමට ඇගේ දරුවන්ට හෝ මුණුපුරු මිණිපිරියන්ට හෝ අවසර ලැබී නැත.

රොජීලියා බැලැන්කෝ ඇතුළත් කළ රෝහලට ඇගේ නම ඇති වෙනත් 85 හැවිරි කාන්තාවක් ද ඇතුළත් කරනු ලැබ සිටි අතර ප්‍රතිකාර ලබමින් සිටිද්දී නියුමෝනියා තත්ත්වය හේතුවෙන් එම කාන්තාව මියගොස් තිබේ.

සිදුවුණු අත්වැරදීම සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් රොජීලියාගෙන් පමණක් නොව ඇගේ පවුලේ අයගෙන් සමාව ඉල්ලා ඇතැයි ද ස්පාඤ්ඤ පුවත් සේවා වැඩි දුරටත් පවසා ඇත.

මැඩ්රිඩ් නුවරදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS