කොරෝනා සොයන්න පොලිස් සුනඛ බළඇණියක්



කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා ආසාදිතයන් සිටින්නේ නම්, ඉව කර ඔවුන් හඳුනා ගැනීමට ලන්ඩන් නුවර පොලිස් නිල සුනඛ අංශය ඔවුන්ගේ නිල සුනඛයන් පුහුණු කරන බව වාර්තා වේ.

පුහුණු කිරීම් ආරම්භ කර ඇති බවත් ඊට මාස කිහිපයක් ගත වනු ඇති බවත් පැවැසෙයි. පුහුණුව සාර්ථක වුවහොත්, ජනතාව ගැවසෙන ප‍්‍රසිද්ධ ස්ථානවල නිල සුනඛයන් යෙදවීමට නියමිත බවත් එමගින් කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සිදු කෙරෙනු ඇති බවත් පැවැසෙයි.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS