කේක් ගෙඩිය නිසා විරයෙක් වෙලා



‘ලොක්ඩවුන්’ තහංචි මැද උපන් දින කේක් ගෙඩියක් කුඩා දරුවකුට රැගෙන ගිය ඉන්දීය පොලිස් නිලධාරියකු මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ වීරයකු බවට පත් වී සිටී.

මෙම පොලිස් නිලධාරියා මුනීෂ් ප්‍රථාප් සිං ය. පසුගිදා රාත්‍රියේ රාජකාරි අවසන් කළ මුනීෂ් නිවෙස බලා ගොස් ඇත. එහිදී වයිරස වසංගතය හේතුවෙන් නිවසට කොටුවුණු එක් පියකු තම පුතුගේ උපන්දිනය වෙනුවෙන් කේක් ගෙඩියක් ගෙනත් දෙන්නැයි ඉල්ලා ඇත.

අසරණ පියකු සහ දුකෙන් සිටි දරුවකු වෙනුවෙන් එම ඉල්ලීමට කන් දුන් පොලිස් නිලධාරියා වසා දමා ඇති බේකරි කීපයකට ගිය අතර අවසානයේ එක් බේකරියකින් කේක් ගෙඩියක් මිලදි ගැනීමට හැකි වී ඇත.

අසරණ පියාට මෙන්ම උපන් දිනය සැමරූ පුතුට සිනහවක් එක් කිරීමට පොලිස් නිලධාරියාට ඒ අනුව හැකි විය. මේ අතර ඖෂධ ගැනීමට නොහැකිව නිවෙස්වලට කොටුවුණු පිරිස් බොහොමයකට ඉන්දීය පොලිස් නිලධාරීන් ඖෂධ රැගෙන යන බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS