කුණු අහුලන්න කුරුල්ලෝ



ප්‍රංශයේ තේමා උද්‍යානයක කුණු කසල එක් රැස් කිරිම සඳහා හොඳින් පුහුණු කළ කුරුල්ලන් යොදා ගන්නා බව එරට පුවත් සේවා වාර්තා කරයි.

කුරුල්ලන් පුහුණු කර ඇත්තේ තේමා උද්‍යානය නැරැඹීමට පැමිණෙන සංචාරකයන් විසි කරන කඩචාසි කැබලි, සිගරට් කොට ආදිය පමණක් රැගෙන ගොස් කසල බදුන්වලට දැමීමටය.

කසල බඳුන අසල කුරුල්ලන් වෙනුවෙන් කෑම සූදානමින් පවතී. කසල ගෙන ගිය විට උන්ට කෑම ලැබෙයි. කුරුල්ලන් යොදා ගත් මෙම ක්‍රමය ක්‍රියාත්මක වන්නේ ප්‍රංශයේ බටහිර දෙසින් පිහිටි ෆියු දු ෆෝ උද්‍යානයේය.

පුහුණු කරන ලද කුරුල්ලන්ගෙන් වැඩි දෙනා කපුටන්ය. පරෙවියන් ද මේ අතර සිටින බව පැවැසෙයි. කෙසේ නමුත් කසල රැගෙන ඒම සඳහා කපුටවන් හොඳින් පුහුණු කළ හැකි යැයි උද්‍යාන ප්‍රධානී නිකොලාස් දෙ විලියර්ස් මාධ්‍ය හමුවේ පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS