කිලෝ 65ක් බර පිඹුරෙක් අල්ලයි



දකුණු ෆ්ලොරිඩා ජල කළමනාකරණ දිස්ත්‍රික්කය විසින් දියත් කරනු ලබන නියමු ව්‍යාපෘතියක කොටසක් ලෙස ආක්‍රමණික සත්ව විශේෂයන් දඩයම් කිරීමට පුරවැසියන් උනන්දු කරලීම සදහා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනක් සදහා නිකලොස් බැනොස් සහ ලියනාඩෝ සන්චේස් නම් ෆ්ලොරිඩා සර්ප දඩයක්කරුවන් දෙදෙනෙකු ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාවේ පිහිටි එවර්ග්ලේඩ් ජාතික වනෝද්‍යානයේ පිඹුරන් දඩයම් කිරීම සදහා යමින් සිටියදී කිලෝ65ක් බර මීටර් 4.5ක් දිග පිඹුරෙකු හමුවී ඇත.

වාහනය ධාවනය කරමින් සිටින විටිදී පඳුරක් තුල සිටින පිඹුරකු සන්චේස් දැක ඇති අතර පිඹුරා අල්ලා ගැනීම සදහා දැඩි පරිශ්‍රමයක් දැරීමට ඔවුන්ට සිදුවිය. 

පිඹුරාව අල්ලා ගෙන විශාල කවරයකට දමාගැනීම සර්ප දඩයක්කරුවන්ට හැකිවී ඇත.  

ව්‍යාපෘතියට සහභාගි වන පුද්ගලයින්ට පැය ගණන අනුව සුළු පඩියක් ගෙවනු ලබන අතර අල්ලා ගනු ලබන මිටර් 1.2ක් දක්වා පිඹුරෙකුට ඇ:ඩො 50ක් අමතර මුදලක් ගෙවනු ලැබන අතර පිඹුරකුගේ වැඩිවන දිග ප්‍රමාණය අනුව ගෙවනු ලැබේ.

බැනොස් සහ සන්චේස් විසින් අල්ලා ගෙන බැගයක් තුලට දමාගන්නා ලද පිඹුරාගේ වැටිනාකම ඇ:ඩො 275කි.

ඇ:ඩො 175,000ක මුදලක් වැය කරමින් දියත් කරනු ලබන පිඹුරා අල්ලා ගැනීමේ නියමු ව්‍යාපෘතියක් වේ. 

2002 දිට මේ දක්ව පිඹුරන් 2000කට වැඩි සංඛ්‍යාවක් වනෝද්‍යානයෙන් ඉවත්කර ඇති බව එවර්ග්ලේඩ් ජාතික වනෝද්‍යාන වෙබ් අඩවියේ සදහන් කොට ඇත.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක 
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙන්)

 


RECOMMEND POSTS