කිඹුලා එක්ක ෆොටෝ ගහලා



විශ්ව විද්‍යාල උපාධිය හිමිකර ගැනීමෙන් පසු දැවැන්ත ඇලිගේටර් කිඹුලකු සමඟ ඡායාරූපවලට පෙනී සිටි සිසුවියක ගැන විදෙස් පවුත් සේවා වාර්තා කරයි.

මීටර් 4 ක් දිග මෙම ඇලිගේටරයා සමඟ ඡායාරූපවලට පෙනී සිටින්නේ, මෙකෙන්සි නෝලන්ඞ් නමැති 21 හැවිරිදි ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ‘ඒ ඇන්ඞ් එම්’ නමැති විශ්ව විද්‍යාලයේ සිසුවියයි.

මෙකෙන්සි  පසුගිය දා වන ජීවී විද්‍යාව හදාරා ඒ පිළිබඳ විශේෂ උපාධියක් හිමි කර ගත්තාය. ඒ, විශ්ව විද්‍යාල ජීවිතයට සමුදෙමිනි.

යහළු යෙහෙළියන් සමඟ ඡායාරූපවලට පෙනී සිටීමෙන් පසු ඇය කෙළින්ම ගියේ ටෙක්සාස් ජනපදයේ ප්‍රකට උරග අරණක් ලෙස සැලකෙන ‘බෝමවුන්ට්’ ආයතනයටය. සිය අධ්‍යයන කටයුතු සඳහා මෙකෙන්සි, පසුගිය මාස කිහිපය පුරාවට බෝමවුන්ට් ආයතනය සමඟ සම්බන්ධ වී සිටියාය.

එම ආයතනයේ ඇලිගේටරයන්, සර්පයන් ඇතුළු උරගයන් 450 කි. ඇමෙරිකාවේ දකින්න ලැබෙන කිඹුල් විශේෂ ඇලිගේටර් ලෙස හැඳින්වෙයි.

ඒ අතරින්, මීටර් 4 ක් දිග දැවැන්ත ‘බිග් ටෙක්ස්’ නමැති ඇලිගේටරයා සහ මෙකෙන්සි අතරේ මිත්‍රත්වයක් ගොඩ නැගී ඇත.

 ටෙක්ස්ගේ නම කියද්දී පවා ඇලිගේටරයා ඇය වෙත පැමිණෙයි. ඇය හස්ත මුද්‍රාවෙන් ඇලිගේටරයා සමඟ සන්නිවේදනයේ යෙදෙන බව ද පැවැසෙයි.

ඇලිගේටරයා සහ මෙකෙන්සි අතර මෙම විශේෂ බැඳීම නිර්මාණය වී ඇත්තේ පසුගිය මැයි මාසයේ ඇය බෝමවුන්ට් ආයතනයට පැමිණි අවස්ථාවේ සිටය.

වනජීවී නිලධාරියකු වීම තම සිහිනය බවත්, වනජීවී විද්‍යාව පිළිබඳ ලබා ගත් මෙම උපාධියත් සමඟ තමන්ට එම සිහිනය සැබෑ කර ගැනීමට හැකිවනු ඇති බවක් මෙකෙන්සි පවසා ඇත.

(බී.බී.සී.)


RECOMMEND POSTS