කැනඩාවේ ටැප් වතුර පාට වෙලා



කැනඩාවේ කුඩා නගරයක නගරසභාව මගින් බෙදා හරිනු ලබන නල ජලය රෝස පැහැයක් ගෙන ඇති බවත්, නගර වැසියන් මහත් කලබලයට පත්ව ඇති බවත් වාර්තා වේ.

රෝස පැහැ ජලය ලැබී ඇත්තේ ඇල්බර්ටා ප්‍රාන්තයේ ඔනෝවේ නගරයේ වැසියන්ටය. වහා ජනතාව ඇමැතූ නගරාධිපති ඬේල් ක්‍රස්නෝව් කියා සිටියේ ජලයේ පැහැය රෝස පැහැ ගැන්වීම ගැන කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙසටය.

පැහැය වෙනස් වීමෙන් සෞඛ්‍ය අවදානමක් නැතැයි ද නගරාධිපතිවරයා සහතික වූයේය.

‘ජලය පවිත්‍ර කිරීමට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය නිසයි පැහැය මෙසේ වෙනස් වුණේ. ඒ සඳහා යොදා ගන්නේ පොටෑසියම් පර්මැන්ගනේට්. ජලය පිරිසුදු කිරීමේදී මේ අයුරින් පැහැය වෙනස්වීම සාමාන්‍ය දෙයක්. ඒ ගැන බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ’ යනුවෙන් ජලයේ පැහැය වෙනස් වීම ගැන ද නගරාධිපතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS