කාන්දම් කැබැල්ල ඉවත් කරයි



සෞදි කුඩා ගැහැණු දරුවෙක්ගේ ගලනාලයේ හිර වී තිබු කාන්දම් කැබැල්ලක් ඉවත් කර ඇති බව වාර්තා වේ.

හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇතිවීම හේතුවෙන් දරුවාගේ දෙමාපියන් දරුවාව රෝහල් ගත කිරීමට කටයුතු කර ඇත.

එක්ස්-රේ පරීක්ෂණයකින් පසු ගලනාලයේ හිර වී තිබු කාන්දම් කැබැල්ල ශල්‍යකර්මයකින් ඉවත් කිරීමට අල්-කුරායට් මහරෝහලේ වෛද්‍යවරුන් කණ්ඩායමක් කටයුතු කර ඇත. 

දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS