කලවා පෙන්නුවැයි අත්අඩංගුවේ



කලවා පෙන්වමින් ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ ඡායාරූප ප්‍රසිද්ධ කළේ යැයි කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ඉන්දීය ජාතික ක්‍රියාකාරිනියක අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 හැවිරිදි රෙහානා ෆාතිමාය. මැය විදුලි සංදේශ තාක්ෂණ ශිල්පිනියක ලෙස රැකියාව කරයි. ඊට අමතරව නිරූපිකාවක ලෙසත්, කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක ලෙසත් කටයුතු කරයි.

පසුගිය මාසයේ ඉන්දියාවේ කාන්තාවන්ට ‘අකැප’ සබ්රිමාලා හින්දු කෝවිලට කාන්තා බැතිමතුන් පිරිසක් පිරිවරාගෙන ඇතුළුවීමට උත්සාහ කළ එක් තැනැත්තියක වන්නේ ද මැයයි.

එහිදී හටගත් ගැටුම් මුල්කොට ගනිමින් අධිකරණය තීන්දුවක් ලබා දුන්නේ සෑම වයසකම කාන්තාවන්ට ද හින්දු කෝවිලට ඇතුළු වීමට අවසර ලබා දෙන ලෙසටය.

(බී.බී.සී.)


RECOMMEND POSTS