ඔටුවකුට සල්ලි කවලා



සෞදි අරාබියේ කාන්තාර ප්‍රදේශයක මෝටර් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවේදි මුදල් නෝට්ටුවල ඔතා ඔටුවෙක්ට ආහාර ලබා දුන් පුද්ගලයෙක්ට එරෙහිව නීති මඟින් කටයුතු කිරීමට සෞදි ආරක්ෂක අංශ පියවර ගෙන ඇති බව වාර්තා වේ.  

සමාජ ජාල වෙබ් අඩවි හරහා හුවමාරු වු වීඩියෝවක සිටින පුද්ගලයෙක්ට එරෙහිව ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර වීඩියෝවේ සිටින පුද්ගලයා මේවනවිටත් හදුනාගෙන නොමැති බව වාර්තා වේ.

සෞදි මුල්‍ය පනතේ 3වැනි වගන්තිය අනුව වසර පහක සිරදඩුවමක් හෝ සෞදි රියාල්10,000ක දඩ මුදලක් නියම කිරීමේ හැකියාව පවතියි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS