එලිසබත් මහ රැජින ඇමෙරිකන් සංචාරකයන්ට විහිළු කරලා



තමා කවුරුන්දැයි හඳුනා ගැනීමට නොහැකි වුණු බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජන, ඇමෙරිකන් සංචාරකයන් පිරිසකට විහිළු කිරීමේ පුවතක් වාර්තා වේ.

එම ඇමෙරිකන් සංචාරකයන් පිරිස ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයේ සිරි නරඹමින් සංචාරය කරද්දී, මහ රැජින ද එම මාලිගයට ගොස් සිටියාය. ඇය සංචාරකයන් අසලින් ගොස් ඇත්තේ හිස වැසෙන අයුරින් සළුවක් හිස ආවරණය වන අයුරින් ආරක්ෂක නිලධාරියකු සහ පොලිස් නිලධාරියකු ද සමඟය.

ඇමෙරිකන් සංචාරකයන් ඇය වෙත ගොස් දෙවැනි එලිසබත් මහ රැජින මොන වගේ තැනැත්තියක්ද? ඇය මෙම මාලිගයට නිතර පැමිණෙනවාද? යැයි විමසා ඇත. පිරිස මෙසේ ප්‍රශ්න කරන්නේ, තමා කවුරුන්දැයි හඳුනා ගැනීමට නොහැකි වූ නිසා බව අවබෝධ වූ රැජින සංචාරකයන් පිළිතුරු දී ඇත්තේ ‘ඔව්. මම රැජිනව දන්නවා. ඇය මේ මාලිගයට එනවා තමයි’ පැවැසුවාය.

කෙසේ නමුත් ආරක්ෂාවට රැජින අසල සිටි පොලිස් නිලධාරියා වහා මැදිහත් වී, මේ ඉන්නේ මහ රැජින යැයි සංචාරකයන්ට පවසා ඇති අතර, එය ඔවුන්ගේ මවිතයටත් පුදුමයටත් හේතුවක් වූ බව වාර්තා වේ.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS