ඉස්කෝලේ යකා නටලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ පාසලක ශිෂ්‍යයන් පිරිසක් පංති කාමරවල තබා තිබු උපකරණවලට පහර දෙමින් නොහික්මුණු ආකාරයෙන් හැසිරී ඇති බව වාර්තා වේ.

පුටු, මේස, පරිගණක සහ ප්‍රොජෙක්ටර්වලට පහර දී අලාභ හානි සිදුකර ඇති බවත්, පාසලේ උපකරණවලට පහර දෙන ආකාර දැක්වෙන විඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවිවලට එක්කර ඇති බව විදුහල්පතිවරයා ප්‍රකාශ කළේය‍.

පාසලට සිදු වු අලාභය, සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයන්ගේ දෙමාපියන්ගෙන් අය කරගන්නා ලෙස එමිරෙට්ස් අධ්‍යාපන අමාත්‍යාංශය නියෝග කර ඇති අතර, පාසලේ උපකරණ ආරක්ෂා කරගැනීමට වගකීමෙන් කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දරුවන්ගෙන් ඉල්ලා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්) 


RECOMMEND POSTS