ඉන්දියාවේ කොස් මිල වැඩිවෙලා



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉන්දියාවේ පැතිරීමත් සමඟ එරට ප්‍රාන්ත රැසක කොස් මිල ඉහළ ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ඉන්දියාවෙන් මේ වනවිට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 62 දෙනකු හමුවී ඇති බවත් එක් මරණයක් වාර්තා වී ඇති බවත් පැවැසෙයි.

වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට ඉන්දීය මධ්‍යම රජයේ උපදෙස් පරිදි, ප්‍රාන්ත මට්ටමින් සෞඛ්‍ය බලධාරීන් ජනතාව දැනුවත් කර තිබේ.

ඉන්දියානුවන් කුකුළු මස් සහ එළුමස් බහුලව ආහාරයට ගන්නා නමුත් කොරෝනා වයිරසයට බියෙන් ඉන්දියානුවන් මස් ආහාරයට නොගන්නා බව පැවැසෙයි. බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ මස් ආහාරයට ගැනීමෙන් කොරෝනා වයිරසය ආසාදනය විය හැකි බවය. කෙසේ නමුත් එය වැරදි මතයකි.

මස් ආහාරයට ගැනීම අඩු වෙද්දී, ඒ වෙනුවට විකල්පයක් ලෙස කොස්වලින් සකස් කර ගන්නා ආහාර (විශේෂයෙන් බුරියානි) ආහාරයට ගැනීමට ඉන්දියානුවන් පෙළඹී ඇති බවත් මේ හේතුව නිසා කොස් මිල ඉහළ ගොස් ඇති බවත් ඉන්දීය පුවත් සේවා පැහැදිලි කර තිබේ.

නවදිල්ලියේදීය (රොයිටර්/එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS