ඉදිකටුව ස්වාසනාලයේ



සෞදි අරාබියේ කුඩා ගැහැණු දරුවෙක්ගේ ස්වාසනාලයේ හිර වී තිබු ඉදිකටුවක් අරා මධ්‍යම රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් ඉවත් කර ඇති බව වාර්තා වේ.

දරුවා වේදනාවෙන් කෑගසන නිසා යමක් ගිළි ඇති බවට ඇති වු සැකයක් මත දෙමාපියන් දරුවාව රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කරඇත. 

එක්ස්-රේ ලබාගෙන දරුවාව පරීක්ෂා කළ වෛද්‍යවරුන් ස්වාසනාලයේ සිර වී තිබු ඉදිකටුව ඉවත් කිරීමට කටයුතු කළ අතර දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS