ඉක්මනින් කසාදය කඩා ගන්නා පිරිමින්ට දඩුවම්



ක්ෂණික දික්කසාද තහනම් කිරීමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඉන්දියාව තුළ එලෙස සිදුකරන්නන්ට වසර 03ක් දක්වා වූ සිර දඬුවමක් ලබාදීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කාන්තා අයිතිවාසිකම් සංවිධායක් විසින් ගොනු කර තිබූ නඩුවක තීන්දුව ලබාදෙමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය ලබාදී තිබේ.

තමන් විවාහ වූ කාන්තාවන් තුන් දෙනෙකු දක්වා දික්කසාද කිරීම එස්.එම්.එස් පණිවිඩයක් හෝ ඊ මේල් පණිවිඩයක් මඟින් සිය බිරිදට දැනුම් දීමෙන් පමණක් සිදුකිරීමට ඉන්දියාවේ මුස්ලිම් පුරුෂයින් මීට පෙර පියවර ගෙන තිබුණි.

කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය පවසා ඇත්තේ එලෙස ක්ෂණික දික්කසාද සිදුකරන පුද්ගලයින්ට දඬුවම් ලබාදෙන බව හා එලෙස අසාධාරණයට ලක්වූ කාන්තාවන්ට වන්දි ලබාදීමට ද කටයුතු කරන බවයි.

ක්ෂණික දික්කසාද කිරීමක් සඳහා වරදකරුවෙකු හට ඇප ලබාගත නොහැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පවසා තිබේ.

(තිළිණි ද සිල්වා )
ඩෙකෑන් කක්‍රොනිකල්  ඇසුරෙනි


RECOMMEND POSTS