ඇවෙන්ජර්ස් නරඹා ගුටිකයි



ලොව කවුරුත් පුලපුලා බලා සිටින ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ අවසානය, ‘ඇවෙන්ජර්ස්: එන්ඞ්ගේම්’ නැරැඹූ ඇවෙන්ජර්ස් රසිකයකු සිනමාහලෙන් පිටවී යද්දී, චිත්‍රපටයේ අවසානය සිදුවන්නේ කුමක්දැයි කෑකෝ ගසන්න විය.

එම අවස්ථාවේ ඊළඟ දර්ශනය නැරැඹීමට සිනමාහලට පැමිණ සිටි පිරිස් එක් වී එම පුද්ගලයා අල්ලා ගනිමින්, ඔහුට අමානුෂික අයුරින් පහර දී ඇත. සිනමාහලේ ආරක්ෂක අංශ නිලධාරීන් පැමිණ පහර කෑමට ලක්වුණු තරුණයා මුදාගෙන ඇත. ඔහුට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය කණ්ඩායමක් ද පැමිණ ඇතැයි පැවැසෙයි.

මෙම සිදුවීම වාර්තා වන්නේ හොංකොං කෝස්වේ බේ හි ඇති සිනමා ශාලාවේදීය. පහර කෑ බව පැවැසෙන්නේ තායිවාන තරුණයෙකි.

(ඬේලිමේල් ඇසුරිනි)

 


RECOMMEND POSTS