ඇන්ත්‍රැක්ස් හිපෝලා මරලා



අප්‍රිකාවට අයත් නැමීබියාවේ වනෝද්‍යානයක හිපෝ සතුන් 100 කට වැඩි ප්‍රමාණයක් හැටිහැටියේ මියගිය බවත්, ඔවුන්ගේ මරණයට හේතුව ඇන්ත්‍රැක්ස බැක්ටීරියාව බවත් නැමීබියා පරිසර අමත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

හිපෝ සත්වයින් මියගොස් ඇත්තේ වබ්වාටා නමැති වන රක්ෂිතයේය. මියයෑමෙන් පසු පිම්බී කුණුවුණු හිපෝ මළසිරුරුවලින් වන රක්ෂිතයේ ගංගා විල් පොකුණු පිරී ඇතැයි ද අඩවි වන නිලධාරීහු කියති.

‘හිපෝ 100 කට වැඩි ප්‍රමාණයක් හිටිහැටියේ අබිරහස් විදියට මැරුණා. හේතුව හිතා ගන්න බැහැ. මූලික පරීක්ෂණවලින් පෙනී ගිය විදියට උන් මියගියේ ඇන්ත්‍රැක්ස් හින්දා.’ යැයි නැමීබියා පරිසර අමාත්‍ය පම්බා ෂිෆේටා කියයි.

ඇන්ත්‍රැක්ස් නමැති විස බැක්ටීරියාව අප්‍රිකාවේ සවානා බිම්වල බහුලව දකින්න ලැබේ. මෙය වන සතුන්, ගොවිපොළ සතුන් පමණක් නොව මිනිසුන්ට ද මාරක බැක්ටීරියාවකි.

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS