අභ්‍යවකාශයේ සිට කළ පළමු අපරාධය



මෙම පුවත බොහෝ වෙබ් අඩවිවල පළවූයේ ඉහත සිරස්තලය යටතේය. මෙය අපරාධයක් නොව, නීතිවිරෝධී ක්‍රියාවකි. චෝදනාවට ලක්වූ තැනැත්තිය ඇමෙරිකා හමුදා ලුතිනන් කර්නල් ඈන් මැක්ලේන්ය. ඇය නාසා ගගනගාමිනියකි. එපමණක් නොව, ඈන් මැක්ලේන් සමලිංගික කාන්තාවක වන අතර ඇගේ සහකාරිය වන්නේ සමර් වෝඞ්න් නැමැත්තියයි.

අභ්‍යවකාශ නැවතුම්පොළට ගොස් එහි රැඳී සිටිද්දී පසුගිය 24 වැනිදා ඈන් මැක්ලේන් නාසා පරිගණක පද්ධතිය හරහා තම සහකාරියගේ බැංකු ගිණුමට අනවසරයෙන් ඇතුළු විය.

ඈන් මැක්ලේන් කළ අපරාධය වන්නේ මෙයයි. අභ්‍යවකාශයේ සිට කළ නිසා මෙය අභ්‍යවකාශයේ සිට සිදු කළ පළමු අපරාධය එසේත් නැතිනම් නීති විරෝධී ක්‍රියාවය. මෙම සිදුවීම වාර්තා අතරට ද එක් වී අවසන්ය.

ගගනගාමී ඈන් මැක්ලේන් සහ සමර් වෝඞ්න් විවාහ වීමට පෙර, ගෝඞ්න් පුතකු බිහි කර ඇත. ඈන් මැක්ලේන් එම පුතාගේ අයිතිය ඉල්ලයි. දෙදෙනා එක් වී එම දරුවා ලොකු මහත් කර ඇත. කෙසේ නමුත් දරුවා මුල්කොට ගනිමින් සමලිංගික යුවල අතර අර්බුදයක් සහ ගැටුමක් නිර්මාණය විය. සමර් වෝඞ්න් ඇමෙරිකා ගුවන් හමුදාවේ බුද්ධි අංශ නිලධාරිනියක ලෙස සේවය කළ අයෙකි.

බැංකු ගිණුමට ඇතුළු වුවත්, ගගනගාමී ඈන් මැක්ලේන් කිසිදු මුදලක් සොරකම් කර නොමැත. මැක්ලේන්, පසුව කියා සිටියේ තම සහකාරිය මුදල් වියදම් කරන්නේ මොනවාටදැයි දැන ගැනීමට තමන් ඇගේ බැංකු ගිණුමට අනවසරයෙන් ඇතුළු වුණු බවය. කෙසේ නමුත් නාසා ආයතනය පවසන්නේ ගගනගාමී ඈන් මැක්ලේන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවය.

(ඬේලිමේල් ඇසුරිනි)


RECOMMEND POSTS