මරිජුවානා උපාධියක්



ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇති උතුරුදිග මිචිගන් විශ්වවිද්‍යාලය මරිජුවානා (කංසා වැනි) ශාකයේ ශාක රසායන පිළිබඳ සිව් වසරක විද්‍යා උපාධියක් පිරිනමන බව  ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

රසායන විද්‍යාව, ජීව විද්‍යාව, උද්භිත විද්‍යාව, උද්‍යාන බෝග වගාව, අලවිකරණය සහ මුදල් පරිපාලනය යන විෂයන් සමඟ සම්බන්ධ කර අදාල උපාධිය පිරිනමන බව වාර්තා වේ.

“උපාධි පාඨමාලාවේදි ශීෂ්‍යයින්මරිජුවානා වවන්නේ නෑ, නමුත් ඔවුන්මරිජුවානා ශාකයේ විවිධ ඖෂධීය වටිනාකම් හඳුනාගැනීම පමණක් සිදුකරනවා’’ යනුවෙන් උතුරුදිග මිචිගන් විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා මහාචාර්යවරයෙකු වන බ්‍රැන්ඩන් කැන්ෆීල්ඩ් ප්‍රකාශ කළේය.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපද 29ක් මරිජුවානා භාවිතා කිරීමට නීතියෙන් අවසර හිමිවී ඇති අතර එම ජනපද 29න් අටක් විනෝදාස්වාදය සඳහා මරිජුවානා භාවිතා කිරීමටද අවසර ලබාදී ඇති නිසා මෙවැනි උපාධියක අවශ්‍යතාවය තදින්ම දැනෙන බව විශ්වවිද්‍යාල බලධාරීන් ප්‍රකාශ කළ බව  ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS