ලෝක වාර්තාකවට සැරසෙයි



ශරීරයේ වැඩිම මීමැස්සන් ප්‍රමාණයක් රඳවාගත් පුද්ගලයා ලෙස නව ලෝක වර්තාවක් තැබීමට ෂුහයිර් ෆටානි නැමති සෞදි ජාතිකයා සූදානම් වන බව වාර්තා වේ.

ඔහු දැනට කිලෝග්‍රෑම් 64.0ක් බර මීමැස්සන් ශරීරය පුරා රඳවා ගෙන ඇති අතර අදාල වීඩියෝව සහ ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවිවල පළ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. ලෝක වාර්තාව බිඳ දැමීමට මීට පෙර අවස්ථා දෙකකදි ෂුහයිර් ෆටානි උත්සහ කර ඇත.

චීන ජාතික ගාඕ බින්ගුඕ කිලෝග්‍රෑම් 109 ක් බරින් යුත් මී මැස්සන් මිලියන 1.1කට ආසන්න ප්‍රමාණයක් ශරීරය පුරා රඳවා ගනිමින් 2015 දීලෝක වාර්තාව පිහිටුවා ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS