මස් පිණිස මීයන්



චීන ජාතිකයන් මස් පිණිස මීයන් ඇතිදැඩි කරන බවත්, මීයන් පෝෂ්‍යදායී ආහාරයක් ලෙස චීන ජාතිකයන් අතරේ ජනප්‍රිය වෙමින් පවතින බවත් වාර්තා වේ.

චීන ජාතිකයෝ මස් වර්ග ආහාරයට ගැනීමට බෙහෙවින් ප්‍රිය කරති. ඔවුන් මස් පිණිස ඇතිදැඩි කරන බව පැවැසෙන්නේ ‘බැබ්මූ රැට්ස්’ යන නමින් හැඳින්වෙන කැළෑ ඌරු මීයන් විශේෂයක් යැයි ද පැවැසෙයි. මෙම මීයන් ප්‍රණීත මෙන්ම පෝෂදායී ආහාරයක් බව ද පැවැසෙයි.

‘කොවිඞ් 19’ නව කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමඟ චීනයේ මස් පිණිස බල්ලන් බළලුන් ඇතුළු සතුන් රැසක් මරා දැමීම තහනම් විය. කොරෝනා වයිරස යනු සතුන්ගෙන් මිනිසුන්ට බෝ වන වයිරස විශේෂයකි. ‘කොවිඞ් 19’ යනු කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය.

‘කොවිඞ් 19’ වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර සත්ව සහ මත්ස්‍ය ගොවිපොළ කේන්ද්‍රකොට ගනිමිනි. එය වයිරසය වවුලන් සහ කබල්ලෑවන් හරහා මිනිසුන්ට බෝ වුණු බවත්, දැන් එය මිනිසුන් අතරේ විකෘති වී පැතිරෙන බවත් විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS