මත්පැන් නැතිව සැනිටයිසර් බීලා



මත්පැන් පානය කිරීමට නොහැකි වී, විෂබීජ නාශක සැනිටයිසර් පානය කිරීමෙන් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ වැසියන් 10 දෙනකු ජීවතක්ෂයට පත්ව ඇති බව වර්තා වේ.

ජීවිතක්ෂයට පත් වී ඇත්තේ ප්‍රකාසම්  නමැති ගම්මානයේ වැසියන්ය. කොවිඩ් 19 වයිරස වසංගතය හේතුවෙන් මෙම ගම්මානය ඇතුළු ප්‍රදේශ රැසක් වසා දමා තිබේ.

ගම් වැසියන්ට එහෙයින් මත්පැන් මිලදී ගැනීමට නොහැකි වී ඇති අතර, ඇල්කොහොල් ඇති බව පවසමින් ඔවුන් සැනිටයිසර් පානය කර ඇති බව පැවැසෙයි.

මීට අමතරව ඉන්දියාවේ විෂ මත්පැන් පානය කිරීමෙන් අමිත්සාර් නුවර 38 දෙනකු මියගොස් ඇතැයි ද ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. එම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ලොව තෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

(ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS