බ්‍රසීල ජනාධිපතිට කුරුලු ප්‍රහාරයක්



කොවිඩ් 19 වයිරසය ආසාදනය වී, සිය ජනාධිපති නිල නිවසේ හුදෙකලා වී සිටින බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝට කුරුලු ප්‍රහාරයක් ඉල්ල වූ බව වාර්තා වේ.

අප්‍රිකාවේ පැස්බරා, ඕස්ට්‍රේලියාවේ එමු සේම, දකුණුු ඇමෙරිකාවට ආවේණික, පියාඹන්න නොහැකි යෝධ කුරුල්ලෙකු සිටී. මේ කුරුල්ලා රියාස් ය.

රියාස් රංචුවක් ජනපති මන්දිරයේ ගෙවත්තට පැමිණ ඇති අතර, නිරෝධායනය වී කම්මැලිකමෙන් සිටින ජනාධිපතිවරයා උන්ට කෑම දෙන්න ගොස් ඇත.

රංචුවේ සිටි එක් කුරුල්ලෙක් දිවවිත් ජනාධිපතිවරයාගේ අතින් කෑම උදුරා ගැනීමට තැත් කරද්දී, ඌ අත සපා කෑ බව පැවැසෙයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS