නින්ජා ක්‍රමයට නොපෙනෙන රචනාවක් ලියලා



නොපෙනන තීන්තවලින් රචනාවක් ලියූ ජපානයේ නින්ජා ඉතිහාසය හදාරන විශ්ව විද්‍යාල සිසුවියකට සියයට සියයක් ලකුණු ලැබී ඇති බව ජපාන පුවත් සේවා වාර්තා කරයි.

ඉමී හාගා නමැති මෙම සිසුවිය නින්ජා ඉතිහාසය හදාරන්නේ විෂයක් ලෙසය. ඒ, මේයි විශ්ව විද්‍යාලයේය. නින්ජා ඉතිහාසය විෂයක් ලෙස ඇති නමුත් එය හදාරන්නේ අතලාස්සක් පමණි.

වාර විභාගයේදී හාගා නින්ජාවරුන්ගේ ‘අබුර්ඩාෂි’ ක්‍රමවේදයට අනුව රචනාව ලියා ඇත. නොපෙනෙන තීන්ත ඇය සකසාගෙන ඇත්තේ පැය ගණනක් වෙහෙස මහන්සි වී සෝයා බොංචි අඹරා ගනිමින් යැයි පසුව අනාවරණය විය.

විභාගයට අවසන් වෙද්දී,  ඇය ඉදිරිපත් කර ඇත්තේ හිස් කොළයක් පමණි. හිස් කොළයක් වුවත්, විශ්ව විද්‍යාලයේ නින්ජා ඉතිහාසය උගන්වන මහාචාර්යවරයාගේ අවධානය ඊට යොමු විය.

සිසුවිය නොපෙනන තීන්තවලින් රචනාව ලියා ඇති බව අවබෝධ කර ගැනීමෙන් පසු මහාචාර්යවරයා ගිනි උදුනක් අසලට සිසුවියගේ හිස් කොළය ළං කර එය රත් වීමට සලස්වා නොපෙනෙන අකුරු මතු කර ගැනීමට සමත් වී තිබේ.

(බී.බී.සී)


RECOMMEND POSTS