චීන පාසල් දරුවන්ට කෑම හදන්නේ රොබෝලා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස අවදානම පවතින බැවින්, චීනයේ ප්‍රාථමික පාසල් කීපයක කුඩා දරුවන්ට ආහාර පිසීම සහ පිළිගැන්වීමට රොබෝවරුන් යොදවා ඇතැයි චීන මාධ්‍ය පවසයි.

කුඩා දරුවන්ගේ ආරක්ෂාව ගැන සැලකිල්ලට ගනිමින්, පළමුවෙන්ම රොබෝවරුන් යෙදවීම සිදු කර ඇත්තේ, මින්හැංග් පාසලේ අවන්හලට බව ද පැවැසෙයි.

ආහාර පිසීමට සහ පිළිගැන්වීමට නිර්මාණය කර ඇති මෙම රොබෝ යන්ත්‍රය මීටර් 3 ක් පමණ උසින් යුක්ත වෙයි.

මෙම රොබෝ යන්ත්‍රයට බිත්තර ඔම්ලට් දැමීම, බිත්තර තැම්බීම, පාන් පෙති ටෝස්ට් කිරීම, කුකුල් මස් බැදීම, එළවලු තැම්බීම ආදිය පහසුවෙන් කළ හැකිය.

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවූයේ මීට වසරකට පෙර 2019 දෙසැම්බරයේය. පළමු ආසාදිතයන් හමුවූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි.

ෂැංග්හායිහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS