උදරයෙන් කතුරක් ඉවත් කරයි



තිස් හැවිරිදි ආසියානු කාන්තාවකගේ උදරයේ තිබී සෙන්ටිමීටර් 18 දිග කතුරක් ඉවත් කර ඇති බව වාර්තා වේ.

සිය රටේදි කාත්තාවට ශල්‍යකර්මයක් සිදු කර ඇති අතර ශල්‍ය වෛද්‍යවරයාට කතුර ඉවත් කිරීමට අමතක වී ඇත.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පැමිණීමෙන් දින කීපයකට පසු අධික උදරාබාධයක් හේතුවෙන් රෝහල් ගත වී ඇත.

එක්ස් කිරණ පරීක්ෂණයකින් පසු කතුර ඉවත් කිරීමට රෂීඩ් රෝහලේ වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

මාස තුනකට වැඩි කාලයක් කතුර උදරය තුල තිබී ඇති බව ශල්‍ය කර්මයෙන් පසු වෛද්‍ය යූසෙෆ් අල්-තයෙබ් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS