ඇමෙරිකාවෙන් මීටර් 5 ක් දිග පිඹුරෙක්



ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ වන රක්ෂිතයකින් මීටර් 5.2 ක් (අඩි 17ක්) දිග පිඹුරකු අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිවී ඇති බව පැවැසෙයි.

අල්ලා ගත්තේ ආසියාවට ආවේණික ‘බුරුම’ පිඹුරෙකි. 80 දශකයේ ෆ්ලොරීඩාවේ සුරතල් සතුන් ලෙස ආනයනය කරනු ලැබූ මෙම පිඹුරන් නිවෙස්වල තබා ගැනීම සිදුවිය.

කෙසේ නමුත් පිඹුරන් ප්‍රමාණයෙන් විශාල වෙද්දී, උන් අවට වනරක්ෂිත වෙන ගෙනිහින් දමන ලද අතර පිඹුරන් ෆ්ලොරීඩාවට ආවේණික සත්ව විශේෂවලට තර්ජනයක් විය.

මීටර් 5.2 ක් දිග පිඹුරා අල්ලා ගැනීමට වන ජීවී නිලධාරීන්ට හැකියාව ලැබී ඇත්තේ බිග් සයිප්‍රස් ජාතික වන රක්ෂිතයෙනි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS