’කොවිඩ් 19’ සමඟ ජීවිතයට හුරු වෙන්න



සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් පිරිසුදුව, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගනිමින්, 'කොවිඩ් 19' වයිරසය සමඟ ජීවත් වීමට සෑම දෙනාම හුරු විය යුතු යැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසා ඇත.

පාකිස්තාන අග්‍රමාතාන්‍යවරයා මෙසේ පැවැසුවේ, 'කොවිඩ් 19' උවදුර ඉහළින් පැවැතියත්, රට තුළ පනවා තිබුණු ලොක්ඩවුන් තහංචි ලිහිල් කරමිණි.

පාකිස්තානයේ ජනගහනය මිලියන 220 ක් වන අතර මේ වනවිට 'කොවිඩ් 19' ආසාදිතයෝ 72,160 ක් වාර්තා වී ඇත. මරණ සංඛ්‍යාව1,543 දක්වා ඉහළ ගොස් තිබුණි.

දිගටම රට ලොක්ඩවුන් කර තබා ගැනීමට නොහැකි බවත්, එසේ වුවහොත් පවතින ආර්ථික අර්බුදය තවත් උත්සන්න වී ජනතාව දැඩි අසීරුතාවකට පත් වනු ඇති බවත් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS