‘රූබි පි‍්‍රන්සෙස්’ සැප නැව නිව් සවුත් වේල්සයට



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් 360 දෙනකු සිටින ‘රූබි පි‍්‍රන්සෙස්’ නමැති කෲස් නෞකාව නිව් සවුත් වේල්ස් ප‍්‍රාන්තයේ වරායකට සේන්දු වී ඇති බව  ඕස්ටේ‍්‍රලියා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඕස්ටේ‍්‍රලියාවෙන් පිට වැඩිම ‘කොවිඞ් 19’ ආසාදනය වූවන් සිටින්නේ මෙම නෞකාවේය. වාර්තා වන අන්දමට වයිරසය බිලිවුණු 6 දෙනකුගේ මළ සිරුරු ද නැවේ ඇත. මගීන්ට පමණක් නොව නෞනාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ට ද කොරෝනා ආසාදනය වී ඇති බව පැවැසෙයි.

සිඞ්නි නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS