‘ඩෙබී’ ඕස්ට්‍රේලියාව කළඹයි



මහ වැසි සහ තද සුළං ද සමඟ ‘ඩෙබී’ නමැති ප්‍රචණ්ඩ සුළි කුණාටුව  ඕස්ට්‍රේලියාවට කඩා වැදුණි. පැයට කිලෝ මීටර් 270 ක වේගයකින් හමා ආ සුළි කුණාටුව ඕස්ට්‍රේලියාවට කඩා වැදුණේ ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්තයටය.

වෙරළාශිත ප්‍රදේශවල වාසය කළ 30,000 කට වැඩි පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීහු කටයුතු කළහ. විදෙස් සංචාරකයෝ බොහෝ දෙනෙක් ද ඒ අතර වෙති.

සුළි කුණාටුවෙන් ක්වීන්ස්ලන්ඞ් ප්‍රාන්තයේ පළාත් කිහිපයකටත් ඕස්ට්‍රේලියාවට අයත් විට්සන්ඬේ දූපත්වලටත් ප්‍රබල හානි සිදුවිය. උදෑසන වෙද්දී, 23,000 ක පිරිසක්, විදුලි බලය නොමැතිව පීඩාවට පත්වී සිටින බව ද වාර්තා විය.

විදුලිය සැපැයුම් කඩිනමින් යථා තත්ත්වයට පත් කරන බව බලධාරීහු පවසා සිටිති.නිවාස සියයකට සහ සංචාරක නිකේතන රැසකට දරුණු ලෙස හානි සිදුවිය. බෝමන් සිට එයාර්ලී බීච් වෙරළ තෙක් අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇතැයි කාලගුණ බලධාරීහු පවසති.

(රොයිටර්)


RECOMMEND POSTS