‘ටොයිලට් පේපර්’ සොයද්දී පාකිස්තාන ජාතික ධජය මතුවෙලා



අන්තර් ජාලයේ ගූගල්  සෙවුම් යන්ත්‍ර හරහා හොඳම ‘ටොයිලට් පේපර්’ වර්ගය කුමක්දැයි විමසූ විට, ‘ටොයිටල් පේපර්’සමඟ පාකිස්තාන ජාතික ධජයේ රූප දිස්වීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇත.

‘ටෙයිලට් පේපර්’ සමඟ පාකිස්තාන ජාතික ධජය දිස්වීමත් සමඟ ගූගල් ආයතනය මහත් අපහසුතාවට පත් වුණු බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. ගූගල් සෙවුම් යන්ත්‍ර කිසියම් කඩාකප්පල්කාරීන් පිරිසකගේ අවභාවිතයට ලක් වී ඇති නිසා යැයි පසුව අනාවරණය විය.

මෙය සිදුවී ඇත්තේ පසුගිය 14 වැනිදා, පාකිස්තානයේ ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්ත කල්ලිය එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් ඉන්දිය සෙබළුන් 46 දෙනකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමෙන් පසුවය. බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඉන්දු කාශ්මීරයේ පුල්වාමා පළාතේය.

පුල්වාමා ප්‍රහාරයෙන් පසු, ඉන්දියානුවන්ගෙන් පාකිස්තානයට දැඩි විරෝධයක් එල්ල විය. ඒ, ‘ජායිෂ් ඊ මොහොම්මද්‘ ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය ලබා දෙන්නේ පාකිස්තාන රජය බව ඇමෙරිකාව පවා අනාවරණය කරගෙන ඇති නිසාය.

පාකිස්තානයට කළ විරෝධය පළ කිරීමක් ලෙස, ඉන්දියානු පරිගණක විශේෂඥයන් හෝ හැකර්වරුන් හෝ ගූගල් සෙවුම් යන්ත්‍රවල දත්ත වෙනස් කර, ‘ටොයිලට් පේපර්’ සමඟ පාකිස්තාන ධජය දිස්වීමට සලස්වා ඇතැයි ගූගල් සමාගම පවසයි. සිද්ධිය ගැන කඩිනමින් සොයා බැලීමක් කරන බව ද ගූගල් සමාගම වැඩිදුරටත් කියා සිටී.

නිව්යෝක්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS