‘කෝවිඩ් 19’ සුළුවෙන් තකන්න බෑ



‘කෝවිඞ්19’ නව කොරෝනා වයිරසය ඉතාලියේ ද ව්‍යාප්තවීමට පටන් ගැනීමත් සමඟ ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ කියා සිටියේ, වයිරසයෙන් ඉතාලි ආර්ථිකයට එල්ල වන බලපෑම සුළුකොට තැකිය නොහැකි බවය.

මේ වනවිට ඉතාලියේ ‘කෝවිඞ්19’ ආසාදිතයන් 229 ක් හමුවී ඇති අතර මරණ 7 ක් වාර්තා වේ. වයිරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් වශයෙන් නගර 10 ක් වසා දැමීමට ඉතාලි බලධාරීන් කටයුතු කර ඇතැයි ද වාර්තා වේ.

ඉතාලිය පුරා පැතිරීමට පටන් ගත් නව කොරෝනා වයිරසය සෙසු යුරෝපා රටවලට පැතිරීම වැළැක්වීම සඳහා හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගත යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

ඉතාලි සෞඛ්‍ය බලධාරීන් සහ ඉතාලියේ අසල්වැසි රටවල් වන ස්ලොවේනියාවේ, ඔස්ටි්‍රයාවේ, ස්විට්සර්ලන්කයේ, ප්‍රංශයේ සහ ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර හමුවක් වියානා නුවරදී පැවැත්විණි.

(රොයිටර්)


RECOMMEND POSTS