‘කෝවිඞ් 19’ ගැන සුළුවෙන් තකන්න බෑ



‘කෝවිඞ් 19’ යන නමින් නම් කළ නව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් සුළුවෙන් තැකිය නොහැකි බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වයිරසයේ උච්චතම අවස්ථාවට එලැඹී ඇති බවත්, ඉදිරියේ දී ආසාදිතයන් ගණන තවත් ඉහළ යනු ඇති බවත් චීන ජාතික සෞඛ්‍ය කොමිසම වැඩිදුරටත් පවසා ඇත.

‘කෝවිඞ් 19’ නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. වයිරස ආසාදිතයන් වෙනුවෙන් පමණක් රෝහල් 9 ක් පිහිටුවා ඇති බවත්, ඒවායේ ඇඳන් 6,900 පිරි ගොස් ඇති බවත් චීන ජාතික සෞඛ්‍ය කොමිසම පෙන්වා දී ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS