‘කොවිඞ් 19’ සාම්පල රිළවු හොරකම් කරලා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් කිහිප දෙනකුගෙන් ලබාගත් රුධිර සාම්පල රිළවුන් සොරකම් කළ බව ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයෙන් වාර්තා වේ.

මෙම ‘සොරකම’ සිදුවී ඇත්තේ දිල්ලියේ මීරූට් පළාතේ ගම්මානයකය. ආසාදිතයන් යැයි හඳුනාගත් පුද්ගලයන්ගේ වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම රුධිර සාම්පල ලබා ගැනීම සිදු කර ඇත. ඒ, එලිමහනේ පැවැති වෛද්‍ය කඳවුරකදීය.

රිළවුන් රංචුවක් ඒ අසල ගැවසෙමින් සිටි අතර, හිටිහැටියේ එක් රිළවකු රුධිර සාම්පල රැගෙන ගසකට නගුණු අයුරු දැක්වෙන වීඩියෝ දසුන් ද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ  ප්‍රසිද්ධියට පත් වී ඇත.

රුධිර සාම්පලවලට හානි වී, වයිරසය රිළවුන් අතරේ පැතිරයාවි යැයි බියක් හටගත් නමුත් කිසිදු හානියක් නොවූ රුධිර සාම්පල යළි සොයා ගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකි විය.

නවදිල්ලියේදිය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS