හිස ගසා දමයි !



IS සටන්කාමීන් විසින් ඇෆ්ගනිස්ථානයේ එකම පවුලේ සහෝදරයින් තිදෙනෙකු හිස ගසා මරා දමා තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ඇෆ්ඝනිස්ථානයේ නන්ගර්හර් හි දිස්ත්‍රික්කයේ පදංචිව සිටි අවුරුදු 27, 24 සහ 19 යන වයස්වල පසුවන්නන් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඝාතනය කෙරුණු සහෝදරයින් තිදෙනාම වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කර ඇත.ඔවුන් අයි.එස් සටන්කාමීන්ගේ ත්‍රස්ත ක්‍රියා වලට සහාය නොදැක්වීම නිසා මෙලෙස මරා දමා ඇති බවද වාර්තාවේ.

ඝාතනයට ලක්වූවන්ගේ පියා ද පසුගිය වසරේදී IS සටන්කාමීන් විසින් ඝාතනය කරනු ලැබ ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

( තිළිණි ද සිල්වා)

ඇෆ්ඝන් ඒෂියා නිව්ස් ඇසුරෙනි.


RECOMMEND POSTS