හිටපු රාජ්‍ය ලේකම් පොම්පෙඕ තායිවානයට



ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ මේ වසර අගදී තායිවානයේ සංචාරය කිරීමට නියමිත යැයි වාර්තා වේ.

තායිවානය මේ වනවිටත් ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය සඳහා සූදානම් වන බව දැනගන්නට ලැබේ.

හිටපු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය චීනයට දැවන්ත ප්‍රහාරයක් යැයි මේ සම්බන්ධයෙන් අදහස් ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ධුරය දරන සමයේ දී ඇමෙරිකානු ජනාධිපතිවරයා තායිවානයට බෙහෙවින් සහාය පළ කළ අයකු බවත් ජනවාරි මාසයේ දී ධුරයෙන් ඉවත් වූ පසු තායිවානයේ සංචාරය කරන බවට පොරොන්දුවක් දී ඇති බවත් මේ සම්බන්ධයෙන් පුවත් පළ කරන සවුත් චයිනා මෝර්නිං පෝස්ට් පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

“අපි මේ සඳහා සූදානම් වෙනවා. ඊට ගොඩක් මහන්සි වෙනවා” යැයි සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු දුන් තායිවානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය ටියැන් චන්ග්-ක්වන්ග් පැවැසීය. මයික් පොම්පෙඕ මේ වසර අගදී තායිවානයේ සංචාරය කරන්නේ දැයි විමසූ විට “ඔව්” යැයි තවදුරටත් කළ විමසීමකට පිළිතුරු දෙමින් හෙතෙම කීය.

චීනය සහ තායිවානය අතර අර්බුදකාරී තත්ත්වය උත්සන්න වෙමින් තිබෙන අවස්ථාවක හිටපු රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය සම්බන්ධයෙන් මෙලෙස නිවේදනය කෙරුණි.

චීනය තායිවානය තුළ හමුදාමය මැදිහත් වීමක් කිරීමට සූදානම් වන බවට මේ වනවිට පුවත් වාර්තා වෙමින් තිබේ. ඒ අතර චීනය තායිවානය ආසන්නයේ පසුගිය දිනවල යුද අභ්‍යාස පැවැත්වූ අතර තායිවානයේ ගුවන් කලාපය ප්‍රහාරක ගුවන් යානා ද යවා ඇත.

ඒ.එන්.අයි.


RECOMMEND POSTS