හිටපු අගමැති ස්වංගිරායි සමුගනී



සිම්බාබ්වේ විපක්ෂ නායකයකු මෙන්ම, හිටපු අගමැතිවරයකු ද වන මෝගන් ස්වංගිරායි දිවියෙන් සමුගත් බව එරට පුවත් සේවා වාර්තා කළේය.

ස්වංගිරායි පිළිකා රෝගියකු බවත්, පසුගිය කාලය පුරාවට ඔහුගේ රෝගී තත්ත්වය උත්සන්නව පැවැති බව ඔහුට ප්‍රතිකාර කරන වෛදවරු කියති. මියයන විට ස්වංගිරායි 65 හැවිරිදි වියෙහි පසුවුණැයි ද වාර්තා වේ.

2008 වසරේදී, ස්වංගිරායි සහ ඔහුගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විශිෂ්ට ජයක් වාර්තා කළේය. කෙසේ නමුත් එවකට බලයේ සිටි සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ ඊට එරෙහි විය. ඒ අනුව, ස්වංගිරායිට, රොබට් මුගාබේ සමඟ හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවිය. මුගාබේ ජනපති ලෙස දිගටම කටයුතු කළ අතර ස්වංගිරායිට අගමැති ධුරය හිමිවිය.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS