හද කම්පා කළ වීඩියෝව



ඉන්දියාවේ මුසෆ්ෆාර්පූර් නුවර දුම්රිය ස්ථානයේ මියගිය මවක අවදි කිරීමට උත්සාහ ගන්නා අවුරුදු දෙකක් වයසැති කුඩා දරුවකුගේ හද සසල කළ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.

දරුවාගේ මව 'කොවිඩ් 19' වයිරස වසංගතය හේතුවෙන් අසරණ වී කුසට අහරක් නොමැතිව දුක් විදි සංක්‍රමණික සේවිකාවකි. කෙසේ නමුත් ඇය මියගොස් ඇත්තේ රෝගී තත්ත්වයක් නිසා යැයි පාලිසිය පවසයි.

35 හැවිරිදි ඇය කොරෝනා ආසාදිතයකු ද නැද්ද යන්න තහවුරු කිරීමට පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS