සෞඛ්‍ය ඇමැති නිරෝධායන නීති කඩලා



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් නවසීලන්තය සම්පූර්ණයෙන් වසා දමා තිබියදී, නිරෝධායන නීති උල්ලංගනය කරමින්, බිරිඳ සහ දරුවන් සමඟ මුහුදු වෙරළට ගොස් විනෝද වූ එරට සෞඛ්‍ය ඇමැති ඬේවිඞ් ක්ලාක්ට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.

සෞඛ්‍ය ඇමැතිවරයා බිරිඳ සහ දරුවන් සමඟ අවස්ථා කීපයකදී සිය නිවසේ සිට කිලෝ මීටර් 20 ක් දුරින් පිහිටි මුහුදු වෙරළට ගොස් විනෝද වුණු බව නවසීලන්ත පුවතක් සේවා පෙන්වා දී ඇත.

සෞඛ්‍ය ඇමැතිවරයා මේ අයුරින් නිරෝධායන නීති උල්ලංගනය කිරීම කනගාටුවට කරුණක් බව නවසීලන්ත වැසියන්ගේ අදහස වී තිබේ.

කෙසේ නමුත්, නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන්, සෞඛ්‍ය ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් කිසිවක් පවසා නැතැයි ද වාර්තා වේ.

වෙලින්ටන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS