සීක් දේවස්ථාන ඉන්දියානුවන්ට විවෘත කෙරේ



පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයට අයත් දෙරා බාබා නනක් සහීබ් ඓතිහාසික සීක් දේවස්ථාන ඊයේ (9) සිට ඉන්දීය ශීක් බැතිමතුන් සඳහා විවෘත කෙරුණි.

දේවස්ථාන සීක්වරුන් වෙනුවෙන් මෙසේ විවෘත කිරීම සිදුවූයේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ මැදිහත්වීමෙනි. ඒ, ඉන්දියාව සහ පාකිස්තානය අතර දිවෙන ‘කර්ටපූර්’ කොරිඩෝව විවෘත කිරීමට සමගාමීවය. එම කොරිඩෝව හරහා සීක් දේවස්ථාන බලා සීක් බැතිමතුන් 500 ක පිරිසක් ගමන් කළ බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසා ඇත.

සීක් දහමේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ ගුරු නනක් දේව්ය. මොහුගේ 550 වැනි සංවත්සරය අනිද්දා (12) දිනයට යෙදී තිබේ. සීක් දෙවොල විවෘත කිරීම ඒ අනුවව සිදුවිය.

ඉස්ලාමාබාද්හිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS