සිඞ්නි- ඇඩලේඞ් ළැව් ගිනි දුමෙන් වැසේ



දිනේන දින උත්සන්න වන ළැව් ගිනි හේතුවෙන්, සිඞ්නි සහ ඇඩලේඞ් නගර අධික දුමාරයකින් වැසී පවතින බව  ඕස්ටේ‍්‍රලියා පුවත් සේවා වාර්තා කරයි.

ළැව් ගිනි දුමාරය හේතුවෙන්, නගර වැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අයහපත් බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවා ඇත.

ළැව් ගිනි පැතිර යමින් පවතින්නේ නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඞ් යන ප‍්‍රාන්තවලය. ළැව් ගිනි හේතුවෙන් නිවාස සිය ගණනක් සහ හෙක්ටයාර් දහස් ගණනක් මුළුමනින්ම විනාශ වී ඇත. ළැව් ගිනි අනතුරු හේතුවෙන් මියගිය ගණන 6 කි.

ළැව් ගිනි පාලනය කිරීමට ගිනි නිවන භටයන් මහත් පරිශ‍්‍රමයක් දරණ නමුත් වියලි කාලගුණය සහ සුළං හේතුවෙන් ළැව් ගිනි වේගයෙන් පැතිරෙන බවත් පැවැසෙයි. නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඞ් යන ප‍්‍රාන්තවල ළැව් ගිනි 110 ක් පැතිර යන බව ද වාර්තා වේ.

මේ අතර නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඞ් ප‍්‍රාන්තවලට අයත් වනාන්තර ප‍්‍රදේශවල කෝලා වලසුන් සහ කැංගරුවන් ඇතුළු  ඕස්ටේ‍්‍රලියාවට පමණක් ආවේණික සත්ව විශේෂ රැුසක් අනතුරට පත් වී සිටින බව පැවැසෙයි.

ඕස්ටේ‍්‍රලියා කාන්තාවක වන ටෝනි ඩොරති නමැත්තිය ළැව් ගිනිවලට කොටුවී ගසක් බදාගෙන සිටින කෝලා වලසුන් බේරා දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් වෙමින් තිබේ. ටෝනි ඩොරති එම කෝලා වලසා වන ජීවී නිලධාරීන්ට ලබා දුන්නාය. මේ වනවිට කෝලා වලසා වනජීවී නිලධාරීන්ගේ රැුකවරණ යටතේ සිටින බවත් ඌ ‘ලූවිස්’ යනුවෙන් නම් කර ඇති බවත්  ඕස්ටේ‍්‍රලියා පුවත් සේවා වාර්තා කරයි.

ළැව් ගිනි කෝලා වලසුන්ට විශාල තර්ජනයකි. කෝලා වලසුන් බහුලව දකින්න ලැබෙන්නේ නිව් සවුත් වේල්ස් හි වෙරළාශිතව පිහිටි යුක්ලිප්ටස් වනාන්තරවලය. කෝලා වලසුන්ගේ ආයු කාලය වසර 20 ක් හෝ 30 කි. ප‍්‍රමාණයෙන් කුඩා සත්ව විශේෂයක් යන කෝලා වලස්සු දවසේ පැය 18 ක් නින්දේ පසුවෙති.

සිඞ්නි නුවරදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS