සැණකෙළි භූමියකට මෝටර් රථයක් කඩා වැදිලා



බටහිර ජර්මනියේ වොල්මාර්ස්කන් නගරයේ සැණකෙළි භූමියකට කඩා වැදුණු මෝටර් රථයකට යටවීමෙන් සැණකෙළි භූමියේ විනෝදවෙමින් සිටි කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු 30 දෙනෙක් තුවාල ලැබූහ.

තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පෙන්වා දෙයි. මෝටර් රථය සැණකෙළි භූමිය හරහා ධාවනය කළේ 29 හැවිරිදි ජර්මන් ජාතිකයකු බව පොලිසිය පවසයි. එම තැනැත්තා එසේ කළේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් අනාවරණය වී නැත.

එය හිතාමතා සැණකෙළි භූමියේ සිටි පිරිස අනතුරට ලක් කිරීමක් යැයි පොලිස් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ජර්මන් පුවත් සේවා වාර්තා කර තිබේ.

බර්ලීන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS