සාම කතා බිඳ වැටේ



ඇමෙරිකා නියෝජිතයන් සහ ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානයේ නියෝජිතයන් අතර පැවැති සාම කතා බිඳ වැටී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සාම කතා බිඳ වැටී ඇත්තේ දෙපාර්ශ්වය අතර පවතින මත ගැටුම් හේතුවෙනි. සාම කතා පැවැත්වීම සිදුවූයේ කටාර් රාජ්‍යයේ ද මැදිහත් වීමෙන් කටාරයේ දෝහා හිදීය.

දෝහා හි ඇෆ්ගන් තලේබාන්වරුන් ‘සාම කාර්යාලය’ නමින් නියෝජිත කාර්යාලයක් පිහිටු ඇත. සාම කතා පැවැත්වීම සිදුවූයේ එම කාර්යාලයේදීය.

ඇමෙරිකා ට්‍රම්ප් පරිපාලනය නියෝජනය කරමින්, සාකච්ඡා සඳහා එක් වූයේ සැල්මී කලීසාද්ය. ඇමෙරිකා ට්‍රම්ප් පසුගිය දා කියා සිටියේ ඇෆ්ගනිස්තානයේ රඳවා ඇති ඇමෙරිකන් හමුදා වහා ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවය.

සාම සාකච්ඡා පවත්වද්දී තලේබාන්වරුන් ඇමෙරිකාවෙන් ඉල්ලා ඇත්තේ ඇමෙරිකාවේ මැදිහත් වීමෙන් ඇෆ්ගන් අත්අඩංගුවේ පසුවන තලේබාන් සාමාජිකයන් 25,000 ක් අතුරින් 3,000 ක පිරිසක් නිදහස් කරන ලෙසය.

එම පිරිස නිදහස් කිරීම සම්බන්ධයෙන් පැවැති මත ගැටුම් දුරදිග යෑමෙන් සාම කතා අසාර්ථක වූ බව විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS