සහන දෙන්න පොරොන්දු වෙයි



අවම වැටුප ඉහළ දමමින් බදු සහන දීමට ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රෝන් ජනතාවට පොරොන්දු විය.

බදු සහන දෙමින්, අවම සේවක වැටුප ෆ්‍රෑන්ක් 100 කින් වැඩි කරන බව ප්‍රංශ ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

අඩු ආදායම් ලාභීන් ඉලක්ක කර ගනිමින් බදු අය නොකරන බව ද ජනාධිපති මැක්රොන් අවධාරණය කළේය.
මෙසේ පොරොන්දු දෙමින් ජනාධිපතිවරයා ‘කහ ජැකට්’ පැළඳ විරෝධතා පවත්වන විරෝධතාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ විරෝධතා වහා නවත්වන ලෙසය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS