සරණාගභාවය ඉල්ලීමත් තහනමක්



නීති විරෝධි ලෙස දේශසීමා හරහා අමෙරිකාවට ඇතුලු වන සංක්‍රමණිකයින්ට සරණාගතභාවය ඉල්ලා සිටීමේ අයිතිය තහනම් කිරිමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන තිබේ.

එරට අධිකරණ සහ අභ්‍යන්තර ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ එම විධායක නියෝගය කඩකරමින් අමෙරිකාවට ඇතුළුවන කිසිවෙකුටත් සරණාගතභාවය හිමි නොවන බවයි.  

එම නිවේදනයේ දැක්වෙන්නේ සරණාගතයින් පැමිණීම වැලැක්වීම ජාතික අභිලාසයක් ලෙස සලකන බවයි.

මේ අතර මෙක්සිකෝ දේශසීමාව ආසන්නයට හමුදා භට කණ්ඩායම් යෙදවීමට ද ජනාධිපති ට්‍රම්ප් නියෝග කර තිබේ.

( තිළිණි ද සිල්වා )

එන්.බී.සී ඇසුරෙනි.


RECOMMEND POSTS