සරණාගතයන් ගැන කනස්සල්ලෙන්



සරණාගාතයන් සම්බන්ධයෙන් ඇතැම් රටවල පවතින ආකල්ප කිසිසේත් අනුමත කළ නොහැකි බව ඒ ගැන කනස්සල්ලට පත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් කියයි.

එහෙයින් සරණාගතයන් වෙනුවෙන් මානුෂීය හැඟීමෙන් කටයුතු කරන රටවල් හඳුනා ගැනීම කළ යුතු යැයි ද ජගත් මහ ලේකම්වරයා පෙන්වා දී තිබේ. මහ ලේකම්වරයා මෙසේ කියා සිටියේ ලෝක සරණාගත දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමිනි.

අද වනවිට යුද ගැටුම් සහ අර්බුද හේතුවෙන් මිලියන 70 ක පිරිසක් උන්හිටිතැන් අහිමි වී සරණාගතයන් බවට පත්වී සිටින බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා පෙන්වා දුන්නේය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS