සරණාගත දැරියක් මිය යයි



අමෙරිකාවේ සරණාගතභාවය අපේක්ෂාවෙන් මෙක්සිකෝවට පැමිණි දැරියක් මියයාමේ සිදුවීමක් සමඟ ට්‍රම්ප් පරිපාලනයේ සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳව යළි කතාබහට ලක්ව තිබේ.

අමෙරිකානු - මෙක්සිකෝ දේශසීමාවට තම පියා සමඟ ග්වතමාලාවේ සිට පැමිණි වයස අවුරුදු 7 ක දැරියක සිරබාරයට ගැනීමෙන් පසු මියගොස් තිබේ.සංක්‍රමණිකයන් කණ්ඩායමක් සමඟ පැමිණි එම ගැහැණූ ළමයා විජලනය සහ කම්පනය හේතුවෙන් මියගොස් ඇති බව විදෙස් වාර්තා කියා සිටී.

අමෙරිකාවේ සරණාගතභාවය ලබාගැනීමේ අපේක්ෂාවෙන් දේශසීමාව හරහා දස දහස් ගණනින් සංක්‍රමණිකයෝ මධ්‍යම ඇමෙරිකාවට පැමිණෙයි.

කෙසේ වෙතත් අදාළ ක්‍රියාවලිය සම්පූර්ණ වන තුරු දේශසීමාව ආසන්නයේ දිගු කාලයක් රැඳී සිටීමට සිදුවීම හේතුවෙන්  ඔවුන් ආහාර සහ ජලය නොමැතිව පීඩා විදින බව දේශසීමා නිලධාරීන් පවසයි.

මිය ගිය ගැහැණු දරුවා සම්බන්ධයෙන් එක්සත් ජනපද නිලධාරීන් මේ වන තෙක් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

මේ අතර නීතිවිරෝධී ලෙස තම රටට ඇතුළු වන ඕනෑම අයකු අත්අඩංගුවට ගැනීම, පිටුවහල් කිරීම හා නඩු පවරන බවට ඇමෙරිකානු නිලධාරීන් සංක්‍රමණිකයන්ට අනතුරු අඟවා තිබේ.

එලෙස තිබියදීත්  ඇමෙරිකාවට පැමිණ පදිංචි වීම මෙලෙස පැමිණෙන සංක්‍රමණිකයින්ගේ  අරමුණ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS