සමෝවා දූපත හුදෙකලා කෙරේ



පැතිරෙන සරම්ප වසංගතය හේතුවෙන් සමෝවා දූපත ලොවෙන් හුදෙකලා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන ඇත. සමෝවා දූපතට යෑමෙන් වළකින්නැයි සංචාරකයන්ට දැනුම් දී ඇති අතර, සමෝවා වැසියන්ට දූපතෙන් පිටවීම ද තහනම් කර තිබේ.

සමෝවා බලධාරීන් දින දෙකක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් මාස 6 සිට අවුරුදු 60 දක්වා සැමට සරම්ප එන්නත් ලබා දීම සිදු කළ බව ද වාර්තා වේ. සරම්ප නිසා මියගිය ගණන 62 කි. මියගිය හැට දෙදෙනාගෙන් වැඩි දෙනා කුඩා දරුවන්ය. මේ වනවිට සැමෝවා පාසල් සහ කාර්යාල ආදී සියල්ල වසා දමා ඇතැයි ද පැවැසෙයි.

එන්නත් ලබා දීමේ ‘මහා මෙහෙයුමට’ සමෝවා සෞඛ්‍ය බලධාරීන්, වෛද්‍යවරුන් පමණක් නොව, ස්වේච්ඡා සහන සේවකයෝ ද සම්බන්ධ වී කටයුතු කළහ.  සමෝවා ප්‍රධාන දූපතට කුඩා දූපත් සම්බන්ධ අතර ඒවා අතර ගමන් බිමන් සිදුවන්නේ මගී පාරුවලිනි. එම මගී පාරු සේවා පවා මේ වනවිට අවලංගු කර ඇත.

අපියාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS