සටන්කාමීහු මරුට



ඇෆ්ගනිස්ථානයේ බල්ක් ප්‍රාන්තයේ එරට හමුදාව විසින් සිදු කළ ප්‍රහාරවලින් තලෙයිබාන් සටන්කාමින් 16 දෙනෙකු මියගොස් ඇත.

දින දෙකක් තුළ බල්ක් ප්‍රාන්තයේ සිදු කළ මෙහෙයුම්වලදී එම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

එම ප්‍රාන්තයේ ගම්මාන 05ක තලෙයිබාන් සටන්කාමින් කඳවුරු ඉදිකර ඇති අතර සාමාන්‍ය ජනතාව ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා ගැනිම හේතුවෙන් ප්‍රහාර එල්ල කිරිමට කටයුතු කළ බව ඇෆ්ගන් හමුදා ප්‍රධානියෙකු ප්‍රකාශ කර තිබේ.

මේ වන විට බල්ක් ප්‍රාන්තයේ තලෙයිබාන් සටන්කාමින් පලවාහැර ඇති අතර ප්‍රාන්තයේ ආරක්ෂාව තහවුරු කිරිම සදහා අඛණ්ඩව ඇෆ්ගන් හමුදාව මෙහෙයුම් කටයුතු සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

( තිළිණි ද සිල්වා )

අල්ජසීරා


RECOMMEND POSTS