ශබ්ද විකාශන යන්ත්‍ර ගලවයි



උතුරු කොරියා වැසියන්ට සහ දේශසීමා සොල්දාදුවන්ට ‘හිසරදයක්’ වන අයුරින්, දකුණු කොරියාව දෙරට දේශ සීමාවේ අටවා තිබුණු ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමීමට දකුණු කොරියානු රජය තීරණය කළේය.

දකුණු කොරියානු බලධාරීන් මෙසේ තීරණය කළේ උතුරු කොරියාව ඔවුන් සමඟ යහපත් සබඳතා පැවැත්වීමට කටයුතු කරන නිසාය.  දකුණු කොරියානු බලධාරීන් දේශසීමාවේ සිය ගණනක් ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරමින්, උතුරු කොරියානුවන්ට හිරිහැරයක් වන අයුරින්, උතුරු කොරියානු  රජය විවේචනය කරමින් පුවත් විකාශය කරමින් තිබුණි. පොප් ගී විකාශය කරන්න විය.

එකට එක කිරීමක් ලෙස උතුරු කොරියාව ද මේ අයුරින්, ශබ්ද විකාශන සවි කර දකුණු කොරියාව විවේචනය කරන්න විය. දකුණු කොරියාව ශබ්ද විකාශන යන්ත්‍ර විසන්ධි කිරීමට ගත් තීරණයත් සමඟ තමන් ද තම ශබ්ද විකාශන යන්ත්‍ර අක්‍රිය කරන බව උතුරු කොරියාව පවසා ඇත.

න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් වහා නවතා දමන බව උතුරු කොරියා නායක කිම් ජොන් උන් තීරණය කළේ පසුගිය 21 වැනිදාය. එය දකුණු කොරියානු රජයේ පැසැසුමට හේතුවක් වී ඇත.

ලබන 27 වැනිදා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතරේ ‘කොරියානු සමුළුව’ පැවැත්වෙයි. මෙම කොරියානු සමුළුව පැවැත්වෙන්නේ ද උතුරු කොරියානු නායකයාගේ සංකල්පයකට අනුව යැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS